Pages

Saturday, December 17, 2011

ƒƒƒƒප්‍රථම පහරƒƒƒƒ

                                         ලියන්න ආවට මොනව ලියන්නද කියල හිතා ගන්න බෑ. ඔන්න මම 8 වසරෙදි කරපු පිස්සු වැඩක් කියන්නම්කෝ.......
                                 
                                          ඒ කාලේ අපි ටිකට් එකක් හැදුව හරියට ස්විප් එකක් වගේ, අර හූරන ඒවා. අන්න ඒ වගෙ......... ඉතින් ඕකක් හදල අපි(අපි කිව්වේ මායි තව යාලුවො තුන්දෙනෙකුයි) ඕව එකක් රුපියල් 5 ගානේ විකුනුව......ස්විප් දහයක් විතර විකුනුවොත් 4 විතර තමා දිනුම් තිබ්බේ....ඒවත් එච්චර ලොකු ගනන් නෙවේනේ, ඉතින් ඒකෙන් හොදට ලාබයි. අපි කොහොමත් දවසට රුපියල් 200 විතර ලන්වෙන්න හෙව්ව.හතරදෙනාට ඒක ඇති දවසේ වියදමට......ඔය වැඩේ දවස් 3 අපි හොදට කරගෙන ගියා. තුන්වෙනි දවසේ තම කෙල උනේ......ඔය ස්විප් එකක් අපේ පිනා(ඔව් ඔව් ප්‍රින්සිපල් තමා) ලගට ගිහිල්ල. පනිවිඩේ ආවා 4 දෙනාටම එන්න කියල, ඉතින් මමයි ශශියයි ධනංජයයි ඉසුරුයි ගියා....
                                     ගියාට පස්සෙ අපිට කිව්ව ලග තියෙන සල්ලී ස්විප් ටිකයි මේසේ උඩින් තියන්න කියල. අපිත් තිබ්බ. හතරදෙනාගෙම සල්ලි කොහොම හරි එතන තුන්සියගානක් තිබුන. අපෙන් විස්තර මොකුත් ඇහැව්වේ නෑ, සමහර විට කියපු එකා ඔක්කොම කියන්න ඇති.....ඊට පස්සෙ හතරදෙනාවම ස්කෝලේ මැද්දට ගෙනල්ල, අහ් කියන්න බැරි උනානේ අපේ මුලු ස්කෝලෙම තියෙන්නේ වොලිබෝල් කෝඩ් එක වටේට.....ග්‍රවුන්ඩ් එක තියෙන්නේ එක පැත්තකින්. ඉතින් අපිව වොලිබෝල් කෝඩ් එක මැදට ගෙනල්ල 4 දෙනාටම කොසුමිටක් තරම් පොල්ලකින් දුන්න රත් වෙන්න. දීලා කිව්ව ස්කෝලේ ඇරෙනකන් අපිට දනගහගෙන ඉන්න කියල...... ඔයා seen එක නිස අපි හතර දෙනාටත් හොද කාඩ් එකක් වැටුන ඒකනම් කියන්න බෑහොදේ........:D :D :D :D


                                ඔතන මට ඔක්කොමටම වඩා දුක මුලු ස්කෝලේ ඉස්සරහ ගුටි කාපු එකවත්, මුලු ස්කෝලේ ඉස්සරහ දනගහගෙන හිටපු එකවත් , පිනාගෙන් ගුටි කාපු එකවත් නෙවේ, මම එදා තම ස්කෝලේට ගියත් හරි පිනාගෙන් ගුටියක් කාපු පලවෙනි දවස.....හැබැයි ඉතින් එදා මොන නැකතින් ගුටි කැවද දන්නේ නෑ, එදා ඉදල මම සා.පෙ. කරනකන්ම කොහොමත් සතියකට වතාවක් office එකට යන්න උනා...ගුටි කෑවේ නැතත් හොදට බැනුම්වත් අහල තමා එන්නේ :D :(





                      මෙන්න මේ වගේ....හැබැයි ඉතින් ඒ දවස්වල ඕව කිරිටොයියා වගේ හැදුව :D ;)
යාලුවනේ මම පුලුවන් විදිහට ලිව්වා, පුලුවන් නම් බලල comment එකක් දාල follow පාරකුත් දාගෙනම යන්නකෝ...........

2 comments:

  1. එල කොල්ලෝ......ස්කෝලේ සීන් මතක් වෙනවනේ..... කරගෙන යමු එල..... (‍y)

    ReplyDelete
  2. තෑන්ක්ස්ස්ස්ස්ස්ස් පොඩ්ඩෝ......හිටහන් හොද ඒවා ඉස්සරහට දාන්නම්කෝ :D :D :D

    ReplyDelete

මම පුලු පුලුවන් විදිහට ලියනව, වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල හොදත් තියෙනවනම් කියල යන්න. ඒක මට ලොකු හයියක්